May 14, 2024

‍පැජරෝ රථය ලොරියේ ගැටී රියදුරු රෝහලේ (PHOTOS)

මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ පාලමුනේ මංසන්ධියේදී අද (10) සිදුවූ අනතුරකින් පැජරෝ රථයක් හා ලොරිය රථයක් ගැටීමෙන් පැජරෝ රථයේ රියදුරා බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලේ ඇතුලත් කර තිබේ. 

තුවාල ලැබූ රියදුරා එංගලන්තයේ සිට ඊයේ (09) රාත්‍රියේ මෙරටට පැමිණ ඇත. මොහු කිළිනොච්චියේ පදිංචි කරුවෙකි. 

පැජරෝ රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් නවතා තිබු ලොරියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.

කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(මඩකලපුව - ජවුෆර්කාන්)

 

Rate this item
(0 votes)