May 13, 2024

කහ ඉර මතදී පාසල් දරුවෙකු යට කර යතුරුපැදිය පලායයි (Photos)

පාසල නිම වී නිවස බලා යමින් සිටි පාසැල් සිසුවෙකු අද (10) දහවල් 2.15ට පමණ හැටන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයේ කහ ඉර මතින් පාර මාරුවන අවස්ථාවේ දී අනතුරට ලක්ව තිබේ.
 
වේගයෙන් පැමිණි යතුරුපැදියක් පාසැල් සිසුවා යටකර පලාගොස් ඇති අතර තුවාල ලැබූ සිසුවා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
හැටන් නගර මධ්‍යයේ සිට අධික වේගයෙන් පැමිණි මෙම යතුරුපැදිය පාසැල් සිසුවා අනතුරට පත්කර නුවරඑළිය ප්‍රදේශයට පලාගොස් ඇති බව හැටන් පොලීසිය ප්‍රකාශ කරයි. 
 
අනතුරට පත් සිසුවා හැටන් බොස්කෝ දමිළ මහා විද්‍යාලයේ 3වන වසරේ අධ්‍යාපනය ලබන දරුවෙකු වන අතර පලාගිය යතුරුපැදිකරු සොයා හැටන් පොලීසිය මෙහෙයුමක් ආරම්භකර තිබේ.
 
හැටන් - රංජිත් රාජපක්ෂ
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 June 2015 17:17