May 13, 2024

'දඩ Selfie' ගැන පොලිසියේත් ප්‍රසාදය - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි (AUDIO)

මේ දිනවල තරුණයන් අතර ප්‍රචලිත වෙමින් පවතින 'දඩ selfie' හෙවත් 'පොල්ෆි' රැල්ල කෙරෙහි පොලිසියේ විරෝධතාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

'ඒෂියන් මිරර්' විසින් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ඇති වී තිබෙන නව රැල්ල පොලිසියේ වැඩ කටයුතු තවත් පහසු කරන බවයි.

'දඩ selfie' නිසා පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය වඩාත් මිත්‍රශීලී ලෙස ඉටු කළ හැකි වන බවත් ඊට අමතරව නඩු කටයුත්තකදී අවශ්‍ය වුවහොත් එසේ ගන්නා ලද selfie ඡායාරූපය එම පුද්ගලයාටම එරෙහිව භාවිතා කිරීමට හැකිවනු ඇති බවත් රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ය.

එම නිසා රාජකාරිය අතරතුරදී එසේ ඡායාරූප ගැනීම පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට බලාපොරොත්තු නොවන බව ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ෆේස්බුක් සමාජ ජාලය තුල මේ වන විට අතිශය ජනප්‍රිය වී ඇති 'දඩ selfie' වලින් සිදු වන්නේ මාර්ග නීති කඩ කළ අවස්ථාවක පොලිසියෙන් දඩ නියමකරන විටදී එම ස්ථානයේදී ගන්නා 'සෙල්ෆි' ඡායාරූප ෆේස්බුක් අඩවිය වෙත එක් කිරීමයි.

ඒ ඡායාරූප වෙනුවෙන් නවතම ෆේස්බුක් පිටුවක් පවා මේ වන විට නිර්මාණය වී ඇත.

 

Rate this item
(10 votes)
Last modified on Wednesday, 10 June 2015 16:17