May 12, 2024

යතුරුපැදිකරුවන්ට අද සිට දැඩි නීති - දඩුවම මෙන්න  

යතුරුපැදිකරුවන්ට අදාළ නීති කිහිපයක් අද (10) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

දිනෙන් දින ඉහළ යන යතුරුපැදි අනතුරු සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බවත් එම නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය. 

ඒ අනුව ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදි ධාවනය නොකරන, අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහන පසුකර යන යතුරුපැදිකරුවන්, නිකටපටිය තද නොකර යතුරුපැදි ධාවනය කරන සහ විවිධ වර්ණ සහිත වයිසර් සහිත ආරක්ෂිත හිස් වැසුම් පලදින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

පසුගිය වසරේ මුල් මාස 4 තුළ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 254 දෙනෙකු මිය ගොස් ඇති අතර එම සංඛ්‍යාව ද මෙම වසරේ අදාළ කාලය තුළ 352 දක්වා ඉහළ ගොස් තිබේ.

ලක්ෂ 29 කට ආසන්න යතුරුපැදි ප්‍රමාණයක් දිවයිනේ මහාමාර්ගවල ධාවනය වන අතර එය මාර්ගවල ධාවනය වන සමස්ත වාහන වලින් සියයට 53 කි. 

 

 

Rate this item
(1 Vote)