May 11, 2024

පලාත් ඇමති උපුල් නැවතත් රිමාන්ඩ්   

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට තර්ජන කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා ලබන 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාහ් පිලපිටිය මහතා අද (10) නියෝග කළේය.

ව්‍යාජ හැඳුනුම්පතක් ළඟ තබාගැනීම හා විදේශ ගමන් බලපත්‍රයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාද ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා ගල් ගසා මරා දමන බවට ප්‍රකාශ කළ ප්‍රකාශයක් හේතුවෙන් පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Rate this item
(1 Vote)