May 11, 2024

මහින්ද පැරදුණේ මේ නිසයි - අනුර යාපා කියයි

නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දීය.

නව මැතිවරණ ක්‍රමය ඇති කරන 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඊට කැමති බව කියමින් බොරු මැජික් පෙන්වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූවේ නව මැතිවරණ ක්‍රමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225ක් වීම සුළු පක්ෂවලට දැඩි අසාධාරණයක් බැවින් කැබිනට් මණ්ඩලය අනුමත කළ මැතිවරණ සංශෝධන යෝජනාවලියට සන්ධානය විරුද්ධ බවයි. 

Rate this item
(0 votes)