May 11, 2024

රෙජිස්ට‍්‍රාර් කාර්යාලවල අඩුපාඩු ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

සියලු රෙජිස්ට‍්‍රාර් කාර්යාලවල දැනට පවතින අඩුපාඩු පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුලත තමාට ලබා දෙන ලෙසත් මාස දෙකක් තුළ එම ගැටලු නිරාකරණය කරදීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පැවසුවේය. 

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (09) රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

ජනතාවගෙන් රාජ්‍ය සේවය පිළිබද පැමිණිලි ලැබෙන්නේ ඔවුන්ගේ අපේක්ෂා ඉටු නොවන විට බවත් මෙලෙස මහජනතාවට අවශ්‍ය ලේඛණ නිකුත් කිරිම සඳහා කොපමණ දිනක් ගත වන්නේ ද යන්න පිළිබඳ සියලුම රෙජිස්ට‍්‍රාර්වරුන් සිය කාර්යාලවල ප‍්‍රදර්ශනය කිරීමෙන් එය සියලු දෙනාගේ පහසුවට හේතු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

බස්නාහිර පළාතේ දිස්ත‍්‍රික් ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයක ඔප්පු ලියාපදිංචියේ දී ප‍්‍රමාදයක් ගැන ද අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ අතර දින 7ක් ඇතුළත ඔප්පු ලියාපදිංචි සිදු වන බවට කරුණු අනාවරණය වී ඇත. 

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස, රෙජිස්ට‍්‍රාර් ජනරාල් ඊ.එම්.ගුණසේකර, නියෝජ්‍ය රෙජිස්ට‍්‍රාර් ජනරාල් වසන්ත සන්දිලිගම මහතා මෙන්ම දිස්ත‍්‍රික් රෙජිස්ට‍්‍රාර්වරුන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.  

රෙජිස්ට‍්‍රාර් ජෙනරාල්වරුන්ගේ ප‍්‍රගති සමාලෝචනයක් සඳහා පැමිණි පලමු අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් රෙජිස්ට‍්‍රාර් ජනරාල් ඊ.එම්.ගුණසේකර මහතා ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙත සිය ස්තූතිය ද පල කර සිටියේය.

Rate this item
(0 votes)