May 11, 2024

ක්‍ෂුද්‍ර ණය පාලනයට ස්වාධීන අධිකාරියක් - අදහස් දෙන්න ඹබටත් අවස්ථාවක්

දින 100 වැඩසටහන යටතේ ක්‍ෂුද්‍ර ණය පාලනය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීමේ මූලික කටයුතු දැන් සිදු කෙරෙමින් පවතින බව අගාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත. 

ඊට අදාළ නීති කෙටුම්පත් සැළසුම දැන් "ක්‍ෂුද්‍ර ණය පනතේ කෙටුම්පත" යනුවෙන් ව්‍යාපෘති කළමණාකරණ විමර්ශන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට ඇතුළත් කර ඇත. 

මේ කෙටුම්පත පිළිබඳව මහජන නිරීක්‍ෂණ, අදහස් හා යෝජනා ලබා ගැනීම රජයේ අපේක්‍ෂාව වන බව වාර්තාවේ.

ඒ අනුව යු. ජී. රත්නසිරි – අතිරේක ලේකම්, සැලසුම් සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, යෞවන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ටයිම්ස් ගොඩනැගිල්ල, පළමු මහල, බ්‍රිස්ටල් වීදිය, කොළඹ01 ලිපිනයට හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය මගින් ද මහජන අදහස් යොමු කළ හැකිය. 

දුරකථන අංක 011 - 3010205 හා 077 - 7003849 ඔස්සේ ද මහජන අදහස් දැක්වීමට පහසුකම් සලසා තිබේ.

 

Rate this item
(0 votes)