May 12, 2024

මහින්දට ජීවිත තර්ජනයක්? - පොලිස්‌පතිවරයාට පැමිණිල්ලක් (VIDEO) 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට හානි කිරීමේ කුමන්ත්‍රණයක් පැහැදිලිව තිබෙන බවට සොයාගෙන ඇති බවත් එහි ඉලක්කය සපුරා ගැනීම පමණක් ඉතිරි වී ඇති බවත් ජනතා මාධ්‍ය මධ්‍යස්‌ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා පවසයි.

ඊට කළින් මේ පිළිබඳ ක්‍රියාත්මත වූ බවත් සිරගත කොට ඇති බිහිසුණු ත්‍රස්තවාදීන් 300ක් රජය හෝ යම්කිසි පාර්ශවයක් විසින් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන්ගේ මූලික ඉලක්කය මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් ඇති කිරීම බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප්‍රියත්වය ඉහළ යෑමත් සමඟ ඒ මහතාගේ ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වා ඒ මහතාගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ජනතා මාධ්‍ය මධ්‍යස්‌ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා සහ නීතිඥවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රේමනාත් දොලවත්ත, ජානක වැලිවත්ත යන මහත්වරුන් ඊයේ (09) පොලිස්‌පතිවරයා වෙත ලිපියක්‌ ඉදිරිපත් කර තිබේ.

Rate this item
(0 votes)