May 13, 2024

වැලිකඩ සිරගෙදර ගැටුමේ වාර්තාව අගමැතිට

වැලිකඩ බන්ධනාගාරයේදී  ඇති වු ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී බාරදී තිබේ.  

අදාළ සාක්ෂි මත පදනම්ව කමිටු වාර්තාව සකස් කර ඇති අතර 2012 නොවැම්බර් 09 වැනිදා  පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම ඇතිවිය. ගැටුමින් රැඳවියන් 10ට වැඩි පිරිසක් මියගොස් තවත් 30ක් පමණ තුවාල ලැබූහ. 

වෙළුම් තුනකින් යුතු මේ කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් මේසදහා පත් කරන ලදී. විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක සහ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතීඥ එස්.කේ.ලියනගේ යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

වසර 2012 දී සිදුවූ මේ ගැටුම පිළිබඳ සොයා බැලීමට පසුගිය රජය සමයේ කමිටුවක් පත් කෙරුණද එම විමර්ශන කටයුතු නිසිලෙස සිදු නොවුනු බවට චෝදනා එල්ලවී තිබිණි.

 

 

 

Rate this item
(0 votes)