May 13, 2024

යාපනය අධිකරණය ගල් ගැසූ පාසල් සිසුන්ට ඇප

යාපනය අධිකරණ සංකීර්ණයට සහ පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි පාසල් සිසුන් 15දෙනෙකු අද ඇප මත මුදාහැර තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 47 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර 32 කු ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් පාසල් සිසුන්ට තරයේ අවවාද කර ඇප ලබාදුන් බවද වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 57 දෙනෙකු ඇප මත මුදාහැර ඇති අතර 73 දෙනෙකු බන්ධනාගාර ගතව සිටී.

සිවලෝගනාදන් නිත්‍යා දැරිය අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම පිරිස කළහකාරී ලෙස පසුගිය මැයි 20 වනදා හැසිරුණි.

 

 

Rate this item
(0 votes)