May 13, 2024

පාසලේ එක් පන්තියක සිසුන් ගණන 44 සිට 35 ට බස්සයි

2016 වර්ෂයේ සිට රජයේ පාසල්වල පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 35 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ වනවිට දිවයිනේ පාසල් 914 ක පළමු ශ්‍රේණියේ ළමුන්ගේ සාමාන්‍ය 44.2 ක් බවත් ජනප්‍රිය පාසල් සංකල්පය මෙයට හේතුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ හේතුවෙන් පළමු ශ්‍රේණියේ පන්ති වෙත අවධානය යොමු කරමින් මෙම පියවරයන් හඳුන්වා දීමට නියමිතය.

කෙසේ වුවද ගුණාත්මක අධ්‍යාපනයක් පාසල් පද්ධතිය තුළ තහවුරු කිරීම සදහා ළමුන් 35කට සීමා කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

Rate this item
(0 votes)