May 13, 2024

මහින්දගේ පොළොන්නරු ගමන වලක්වන්න නගරය පුරා කළු කොඩි ඔසවයි

පොළොන්නරුව ඉසිපතනාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබෙන හිටපු ජනපතිගේ රැස්වීම් නොපවත්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු සහ විහරස්ථාන දායකසභාව අද (09දා) උද්ඝෝෂණයක නිරත වූහ.

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය අසල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ කාර්යාලය ඉදිරිපිටද මෙම රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් එය ඉදිරිපිටද මෙම විරෝධතා පැවැත්විය.

මෙයට අමතරව අද දහවල් ඉසිපතනාරාම විහාරස්ථානය අසල සහ පොළොන්නරුව නගරයේ නිවාසවල සහ වෙළෙඳසැල්වල කළු කොඩි ඔසවා, වෙළෙඳසැල් වසා දමා හිටපු ජනපතිගේ පැමිණීමට එරෙහිව පොළොන්නරුව නගරය පුරා විරෝධය පැවැත්වුණි.

Rate this item
(1 Vote)