May 13, 2024

පහණක් නිසා නිවසක් අළු වේ

මස්කෙළිය, ගවරවිල තේ වතු යායේ වතු නිවාසයක අද (09) අළුයම හටගත් ගින්නකින් එම නිවසේ කාමර දෙකක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
අලුයම 1 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර නිවසේ පදිංචිකරුවන් නිදා සිටින අවස්ථාවේ ගින්න ඇරඹී ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවත් ඒ අවට පදිංචි වතු කම්කරුවන් මැදිහත් වී ඉක්මනින් ගින්න නිවා දැමීම නිසා ගින්න පැතිරීම වළක්වාගැනීමට හැකි වී ඇති බවත් අප වාර්තාකරු පවසයි.
ගින්න පිළිබඳව පරීක්‍ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය ප්‍රකාශ කළේ එම නිවසේ ආගමික කටයුතු කරන කාමරයක දල්වා තිබූ පහනක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව යි.
නිවසේ පදිංචි සාමාජිකයන් අට දෙනෙකු පමණ තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවසක පදිංචිකරවා ඇති බව වාර්තා වේ.
හැටන් - රංජිත් රාජපක්ෂ
Rate this item
(0 votes)