May 13, 2024

එජාපය පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්නේ මෙහෙමයි - අකිල කියයි

මෙවර එජාපය ජයග්‍රහණය කරන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් බවත් එජාපය ජාතිවාදී පක්ෂයක් නොවන බවත් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතර බලය අත්කරගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (09) සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

මෙවර පාර්ලිමේන්තුවේ ආසන 120ත් 125ත් ගෙන එජාපය පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගන්නා බවත් අභියෝගවලට බිය නොවන බවත් මීට වඩා ප්‍රශ්න එජාපයට තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

එජාපය ශ්‍රීලනිපයට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 June 2015 15:53