May 14, 2024

අනුමත කළේ වෙනත් යෝජනාවක් - ටිල්වින් (AUDIO)  

අළුත් මැතිවරණයක් සකසා සම්මත කර ගැනීමට එකඟතාවයක සිටින බවත් පසුගිය දිනවල ඉදිරිපත් කර තිබූ නව මැතිවරණ ක්‍රමයට යෝජනා අදහස් ඉදිරිපත් කළ බවත් ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඊයේ කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ඇත්තේ එම යෝජනාව නොව වෙනත් යෝජනාවක් බවත් ඒ පිළිබඳ අධ්‍යයනයක් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මන්ත්‍රී ධුර 225ක් සහිත නව මැතිවරණ ක්‍රමය ඇතුලත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (08) කැබිනට් මණ්ඩලය එකඟතාවට පැමිණියේය.‍

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගැනීම සඳහාම ජනපතිවරයා ඊයේ (08) පස්වරුවේ විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය රැස්කළ අතර, එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණි.

එම හඩය පටය පහතින්

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 June 2015 07:01