May 12, 2024

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධනය කළ යුතුයි - ජනපති 

මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති ජාතික සහ ජාත්‍යන්තර අවශ්‍යතා පදනම් කර ගනිමින් තවදුරටත් සංවර්ධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහිදී පාසල් තුළ තාක්ෂණික විෂයන් ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීම මෙන්ම ජාතීන් අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ මූලික අවශ්‍යතාව වන සන්නිවේදන කුලසතා වැඩි දියුණු කිරීමේ අරමුණින් භාෂා විෂයන් ඉගැන්වීම ද ප්‍රවර්ධනය කළ යුතු බව අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිළධාරීන් හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා පැවසී ය.

මෙහිදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සිංහල සිසුන්ට දෙමළ භාෂාව ද දෙමළ සිසුන්ට සිංහල භාෂාව ද ඉගැන්වීම කෙරෙහි අදට වඩා ශක්තිමත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවයි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් එම කොමිෂන් සභාවේ මෙතෙක් කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි යෝජනා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා ප්‍රමුඛ එම කොමිෂන් සභාවේ නිළධාරීන් සහභාගීව සිටියහ.

Rate this item
(0 votes)