May 14, 2024

සජින් වාස්ට ඇප ඉල්ලා මහාධිකරණයට ඇපෑලක් 

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර ඔහුට ඇප දීම ප්‍රතික්ෂේප කළේය.

ඔහු විසින් ඉදිරිපත් කැරුණු වෛද්‍ය සහතික නොගැලපීම ඊට හේතුව බව වාර්තා විය.

 

Rate this item
(0 votes)