May 18, 2024

චීනෙට මැණික් හා රත්රන් හොරෙන් ගෙන යාමට තැත්කළ යුවළක් කොටු

නීති විරෝධි ලෙස මැණික් සහ රත‍්‍රං චීනය බලා රැගෙන යාමට තැත්කළ ව්‍යාපාරික යුවලක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

චීනයේ පැවැත්වෙන වෙළෙඳ ප‍්‍රදර්ශනයකට සහභාගි වන බව පවසමින් රුපියල් දසලක්‍ෂ විසිදහසකට අධික මැණික් සහ රත‍්‍රං නීති විරෝධිව රැගෙන යාමට ඔවුන් උත්සහ දරා ඇති බව වාර්තා වේ. 

ඒ අනුව අත්අඩංගුවට ගැනුණු ව්‍යාපාරික යුවල රත්නපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී ඇති අතර ඔවුන් රුපියල් 25,000ක දඩයක් මත මුදා හැරුණු බව වාර්තා වේ.

කටුනායක - ටී.කේ.ජී. කපිල

 

Rate this item
(0 votes)