May 18, 2024

ඇමති රිෂාඩ් ගේ ලක්ෂ 2 පෙත්සමට එරෙහිව ලක්ෂ 20 ක පෙත්සමක්

විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශි‍්‍රතව නැවත පදිංචි කළ මුස්ලිම් ජනතාව ඉවත් නොකරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීමට රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ආරම්භ කළ වැඩපිළිවෙල හෙළා දකින බව සිංහල රාවය සංවිධානය පවසයි. එහි සභාපති පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියන් පැවසුවේ මෙම කි‍්‍රයාව ජාතිවාදය වැපිරවීමේ උත්සාහයක් බවය.

මන්නාරම සිලාවතුර, මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරිච්චිකට්ටි, කරඩික්කුලි ප‍්‍රදේශයේ නැවත පදිංචි කළ මුස්ලිම් ජනතාව ඉවත් නොකරන ලෙස ඉල්ලමින් ලක්‍ෂ 2 ක අත්සන් එකතු කරමින් පෙත්සමක් ඉදිරිපක් කරන බවයි රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා කියා සිටියේ.

රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය පිළිබද පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියන් කියා සිටියේ බලය පෙන්වීම හරහා සිය අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ දැරීම අන්තවාදී කි‍්‍රයාවක් බවත් අමාත්‍යවරයාගේ ලක්ෂ දෙකේ පෙත්සම වෙනුවට අවශ්‍ය නම් ලක්ෂ විස්සක අත්සන් සහිත පෙත්සක් වුවද අත්සන් කිරීමට තමන්ට හැකියාවක් ඇති බවය.

Rate this item
(0 votes)