May 18, 2024

ඉන්ධන බලාගාර ගෑස් බලාගාර බවට හැරවේ

ඉදිරි කාලසීමාව තුළ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඉන්ධන මගින් විදුලිය ජනනය කරන බලාගාර සියල්ල ගෑස් මගින් විදුලිය ජනනය කරන බලාගාර බවට පත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලෝක සාගර දිනය නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුනි.

එහිදී මෙරට අධික ණය බරින් මිදීමට ඇති එකම විසදුම ශී‍්‍ර ලංකාව වටා ඇති මුහුදේ තෙල් හා ගෑස් සම්පත උකහා ගැනීම බවත් ජාත්‍යන්තර සාගර සීමාවන් අනුව ශී‍්‍ර ලංකාව විසිතුන් ගුණයකින් විශාල වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 June 2015 08:07