May 18, 2024

රනිල් දෙවතාවක් අගමැති වූණේ ශ්‍රීලනිපයේ පිහිටෙන් - සුසිල් හෙළි කරයි (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දෙවරක් අගමැති ධූරය හිමිවූයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිහිටෙන් බව  ශ්‍රීලනිප ජාතික සංවිධායක එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (08) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී ය.

2001 ශ්‍රීලනිප මහ ලේකම් වූයේ එස්.බී දිසානායක මහතා බවත් ඊට කලින් මෛත්‍රීපාල සිරිසේන මහතා හා එස්.බී දිසානායක මහතා අතර ශ්‍රීලනිපයේ මහ ලේකම් ධූරයට පොඩි තරඟයක් තිබූ බවත් එහිදී තමා ඡන්දය දුන්නේ  මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන් අනතුරුව එස්.බී දිසානායක මහතා 12ක් එක්ක එජාපයට ගොස් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට කටයුතු කළ බවත් ගියපාර මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂයා වූ බවත් එතුමා ජනාධිපති වූ නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ බවත් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දුන්නේය.

 

Rate this item
(0 votes)