May 18, 2024

ජනපති අද හදිසියේ සන්ධාන නායකයින් හමුවෙයි

මුලින්ම ගෙන ආ යුත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයද නැතහොත් 20වැනි ව්‍යවස්‌ථා සංශෝධනයද යන්න පිළිබඳ තීරණයක්‌ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සන්ධාන පක්‍ෂ නායකයන් අතර අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය.

මෙහිදී 20වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින සියලු කරුණු පිළිබඳ ජනාධිපතිවරයා හා සන්ධාන පක්‍ෂ නායකයන් පුළුල්ව සාකච්ඡා කිරීමටද නියමිතය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව විසිවන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ සන්ධාන පක්‍ෂ නායකයන්ගේ ස්‌ථාවරය විමසීමටද තීරණය වී තිබේ. 

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු මහලේකම් වෙත භාර දීමට පසුගියදා විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම කටයුතු කළේය.

Rate this item
(0 votes)