May 18, 2024

යුද හමුදාවේ පුහුණුවීම් සඳහා පකිස්තානයෙන් අශ්වයන් දෙයි 

පකිස්තාන යුද හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව අතර හොඳ හිත හා සහයෝගීතාව සංකේතවත් කරමින්, පකිස්තාන යුද හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් විසින් දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය වෙත අශ්වයන් 08 දෙනෙකු පසුගියදා පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා‍ මෙම අශ්වයන් ලබා දී ඇත.  

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ ආඥාපති යුද හමුදා පුහුණු මේජර් ජෙනරාල් මනෝ පෙරේරා විසින් පකිස්තාන යුද හමුදා ප්‍රධානී පිළිගනිමින් හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨ පිවිසුම් දොරටුව අභියසදී ආචාර සම්මාන මුරයක් ද පිළිගන්වන ලදී.  

අනතුරුව පකිස්තාන යුද හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨ පරිශ්‍රය වෙත පැමිණ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිළිගැන්වීමෙන් පසු  එතුමා වෙත පිරිනමනු ලැබූ ආචාර සම්මාන පෙළපාළිය නිරීක්ෂණය කරනු ලැබීය.

පකිස්ථානු හමුදා ප්‍රධානී විසින් ලබා දුන් මෙම අශ්වයින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩී.බී. රාජගුරු මහතා විසින් පිළිගන්නා ලදී. 

එම අවස්ථාව සිහිගන්වමින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩී.බී. රාජගුරු මහතා විසින් ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.   

Rate this item
(0 votes)