May 19, 2024

ජිනීවා යෝජනාවලට එරෙහිව වයඹම එක්වෙයි

ජිනීවා යෝජනාවලට එරෙහිව සමස්ථ වයඹ පළාතම එක්කරන බව එම පළාතේ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය.

එහි පළමු පියවර ලෙස පළාතේ සියලුම සර්වාගමික නායකයින් මෙම මස 24 වැනිදා කුරුණෑගල දී සත්‍යක් ග්‍රහයක් පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දි ඇති අතර එහිදි එතුමා ද සිය ස්තුතිය දයාසිරි ජයසේකර මහතා වෙත පල කර ඇති බව ප්‍රධාන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රසන්න අධිකාරි මහතා සඳහන් කරයි.

දයාසිරි ජයසේකර මහතාගේ සංවිධාන ශක්තිය ඉදිරි මහ වරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ට දැඩි ලෙස බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයින් පවසයි.

 

Rate this item
(0 votes)