June 03, 2024

අම්මාගෙන් සමාව ඉල්ලූ පුතාගේ සිරුර ගිංගඟ අසලදී හමු වෙයි

ගාල්ල - බූස්ස - රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15 ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවාගේ සිරුර හමු වූ බව රත්ගම පොලිසිය පවසයි. සිරුර මේ වනවිට ගොඩ ගෙන ඇත. 

ගිංගඟේ - ගිංතොට පාලම අසල තිබී පොලිසිය අද (29) උදෑසන සිරුර  සොයා ගෙන තිබේ. ප්‍රදේශවාසීන් සඳහන් කළේ ලියුමක් වැනි යමක් සිසුවාගේ අතක අලවාගෙන ඇති බවට දකින්නට තිබෙන බවය. 
‘‘අම්මේ මට සමාවෙන්න.’’  යනුවෙන් ලිපියක ලියා සිසුවා අතුරුදන් වූයේ ඉතුක් පසුගිය 25වැනිදා රාත්‍රියේය. ඒ ඔවුන්ගේ දෙමව්පියන් විසින් රත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය.
රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මොහු එදින අතිරේක පන්තියකට ගොස් තිබුණි. පසුව සිසුවාගේ බෑගය ගිංගඟ  ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී සොයා ගත්තේ 26 වැනිදා උදෑසනය.

රත්ගම පොලීසිය සඳහන් කළේ සිසුවාගේ පාසල් බෑගය තුළ ලිපියක් තිබී හමුවූ බවය. එහි ‘‘අම්මේ මට සමාවෙන්න.’’ යනුවෙන් සටහන්ව තිබූ බවටද  වාර්තා විය. 

Rate this item
(0 votes)