May 19, 2024

මහින්ද - මෛත්‍රී එක් කරන සාකච්ඡා ඉදිරි සති දෙක ඇතුළත අවසන් 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වෙන්වී ඇති පාර්ශ්වයන් එක්‌කිරීම සඳහා සිදුකරන සියලුම ආකාරයේ සාකච්ඡා ඉදිරි සති දෙක ඇතුළත අවසන් කරන බව එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම කාලය ඇතුළත සාකච්ඡා සාර්ථක වුවහොත් එක්‌ව තරග කිරීමට සැලසුම් සකස්‌ කිරීමටත් සාකච්ඡා අසාර්ථක වුවහොත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මහ මැතිවරණයට නාමයෝජනා පත්‍ර සකස්‌ කිරීමට සිදුවන බවත් වාර්තා වේ.

මහ මැතිවරණය සඳහා ලබන මස පාර්ලිමේන්තුව විසුරුවීමට ආණ්‌ඩුව සූදානම් වන බවත් ඒ සඳහා ශ්‍රීලනිපය ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පසුගියදා ඉල්ලා අස්‌ වූ ඇමැතිවරුන්, භික්‍ෂූන් වහන්සේලා ඇතුළු කණ්‌ඩායම් රැසක්‌ ශ්‍රීලනිපය එක්‌කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඒ සියල්ල ඉක්‌මනින් අවසන් කළ යුතුව ඇති බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)