May 19, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශන මණ්ඩලය පත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක මණ්ඩල විසින් සිදුකළා යයි කියන අක්‍රමිකතා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැනිදෑ සොයා බැලීම සඳහා සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් විමර්ශන මණ්ඩලයක් පත්කර තිබේ.

ඒ සඳහා අධිනීතිඥ රවී අල්ගම, අධිනීතිඥ ජාලිය බෝධිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරුන්ගෙන් පත්කර ඇති බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම විමර්ශන මණ්ඩලයේ පළමු සැසි වාරය අද (26)  දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුවිය. 

Rate this item
(0 votes)