May 19, 2024

'නැවත මම මගේ ගමට ආවා' - දිවුලපිටිය සංවිධායකධූරය ලැබුණු හැටි රන්ජන් හෙළි කරයි (AUDIO)

දිවුලපිටියේ වැඩ කරගෙන යන බවත් ආසන බලමණ්ඩලය ලඟදීම කැඳවන බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

නව සංවිධායක ධූරය ගැන අප මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස අදහස් පළ කළේය.

“මම හිටියේ කටාන ප්‍රධාන සංවිධායක. මම අගමැතිතුමාගෙන් ඉල්ලුවා මගේ ගම කටාන. මම ඉන්නේ ගෙවල් දොරවල් ඉස්කෝලේ ගියේ කටානේ. ගම්පහ දිස්ත්‍රික්කයේ. මට රත්නපුරේ දුර වැඩියි කියද්දි තමයි එතුමා කිව්වේ. මහ ඇමති අපේක්ෂක කෙනෙක් නෑ. ඒකට යන්න කියලා. ගිහිල්ලා ඒ අභියෝගය ජයගෙන ජයග්‍රහණය අත්පත් කරලා දීලා. නැවත මම ගමට ආවා.“ 

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය 21 වැනිදා අග්‍රාමාත්‍ය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්විමේ ලිපිය බාර ගත්තේය.

එම පත්කිරීම සිදු කිරීමට පෙර දිවුලපිටිය එජාප සංවිධායකවරයාව සිටියේ කිත්සිරි මංචනායක මහතායි.

එම හඩපටය පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 17:20