May 19, 2024

මේක සිංහල රටක් / අබෞද්ධ අසිංහල අය ඒක කියන්න මැලි වෙන්න එපා - ජහෙඋ

පසුගියදා මාධ්‍ය හමුවකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව පවසා ඇතිබව කියවෙන ප්‍රකාශය කවර කාරණයක් මුල්කරගෙන කවර සංදර්භයක් තුළ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැති නමුත් එම ප්‍රකාශය ‘මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතුවන අනුචිත ප්‍රකාශයක් පමණක් වන බව අපගේ අදහසයි’යනුවෙන් ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ “ මේ රට සිංහල බෞද්ධ රටක් බව ප්‍රකාශ කිරීමට අප කිසිවිටෙකත් මැළිවිය යුතු නොවේ. එමෙන්ම අබෞද්ධ අසිංහල අයද ඊට මැළිවිය යුතු නැත. ලැජ්ජාවීමට ද හේතුවක් නැත. මක්නිසාද මේ රටේ ශිෂ්ටාචාරය සංස්කෘතිය ඉතිහාසය හා සභ්‍යත්වය නිර්මාණය කළේ සිංහල බෞද්ධයින්ය. එහි අනන්‍යතාවය වසර සිය දහස් ගණනක් නොව එහි ඉන් ඈතට ද විහිදි යන්නකි. එය වසර 2500 ක් නොව වසර 30,000 ක් දක්වා ඈතට දිවයනන්නක් බව එය අපගේ වංශකතාවල පුරාවස්තු තුළ ඵෙතිහාසික ලේඛන හා පුරාවිද්‍යාත්මක සාක‍ෂිවල පැහැදිලිව සටහන්ව ඇත. එකි ඉතිහාසය අද ද ජීවමානව පවති. සිංහල ජාතිය ලෝකයේ ඉපැරණි ජාතියකි. සිංහල බසද එසේමය. වසර 2300 ක් එකම ආගමක් ඇදහු එය ජීවන දහම කරගත් ජාතියක් බවත් වේනම් ඒ සිංහලයන් පමණි. සිංහලකමත් බෞද්ධකමත් එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස බැඳුනකි”. යනුවෙනි.

(මෙම සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න..)

Rate this item
(0 votes)