May 19, 2024

මාධ්‍යවේදීන්ට දෙන යතුරුපැදි ගන්නේ මෙහෙමයි

මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරුපැදි ලබා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අනුමැතිය හිමි වී තිබේ. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ සඳහා වන සුදුසුකම් පහත පරිදි වේ.

1.     ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම

2.     වසර පහක කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටීම

3.     රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම

4.     යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් හිමි වීම

මාධ්‍යවේදීන්ට සේම මාධ්‍යවේදිනියන්ට ද මෙම යතුරු පැදිය ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යවේදිනියන්ට මාදිලි දෙකින් මෙම යතුරු පැදි ලබා ගත හැකිය.

මේ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පැවැති අතර ඊට මුදල් අමාත්‍යවරයා සේම ජනමාධ්‍ය අමාත්‍යවරයා ද සහභාගී වූහ. එහිදී අදහස් දැක් වූ  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෙම තීරණය ගනු ලැබුවේ ගෙවී ගිය කාලය තුළ නොබියව සත්‍ය වාර්තා කිරීමට කළ මෙහෙවර වෙනුවෙන් කළ ගුණ සැලකීමක් ලෙස බවය.

 

Rate this item
(0 votes)