May 19, 2024

අප්පච්චි මැරුවේ කවුද? - ඇමති විජයමුණි ආයෙත් කටඅරී

තමන් අප්පච්චි මරන් හැදුවේ නැති බවත් අප්පච්චිට සේලයින් දුන් බවත් අප්පච්චි මරන්න හැදුවේ සුමනදාස දෛවඥයා බවත් වාරිමාර්ග අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසූවේ තණමල්විල සෙවණගල පෙර පාසලේ පැවති උත්සවයකදී ය.

එහිදී ඇමති විජිත් විජයමුණි සොයිසා අදහස් පළ කළේය. ‘අපි අප්පොච්චි මරන්න හැදුවේ නෑ. අපි අප්පච්චිට සේලයින් දීපු මිනිස්සු. අපි එතුමන් ජයග්‍රහණය කරන්න උපරිම අයුරින් කැපවුණා. අප්පච්චි මරන්න හැදුවේ සුමනදාස දෛවඥයයි, පවුලේ උදවියයි‘   

‘සමහරු කියනවා අපි එක්සත් ජාතික පක්ෂයට ගිහින් කියලා. අපි මේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ දිස්ත්‍රික්කයේ නෙමෙයි, මේ රටේ එතුමා දිනවන්න මුල්වී වැඩ කරපු කෙනෙක් මම. එතුමා කියනවා අප්පච්චි මැරුණේ නෑ කියලා පෙන්වන්න ආවා කියලා. අපි අප්පච්චි මරන්න හැදුවේ නෑ. මම විතරක් නෙවෙයි මගේ පුතා රෑ එළි වෙනකන් රූපවාහිනී විවාදවල විජයදාස රාජපක්ෂ නීතිඥතුමා, අධිකරණ ඇමැතිතුමා, සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිතුමා, අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමාලා එක්ක කවුද තර්ක කළේ. ඒවාට කථා කළේ මම එළි වෙනකන්. අපි එහෙම කළේ මේ පක්ෂය පිළිබඳ තියෙන හැඟීමෙන්. එතුමා පිළිබඳ තිබෙන හැඟීමෙන්. ඒ හැඟීම අදත් තියෙනවා.‘ යැයි ඇමතිවරයා පෙන්වා දුන්නේය. 

‘මහින්ද රාජපක්ෂ ඇමැතිතුමාගේ පින්තූරේ අපේ ගෙදර තාම තියනවා. ඒක ගලවලා නෑ. අපි එතුමාට ආදරෙයි.‘ යැයි අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)