May 19, 2024

‘අම්මේ මට සමාවෙන්න’ ගිං ගඟ අසළ ලිපියක් - දරුවා අතුරුදහන් වෙලා

පොත් බෑගය සහ සෙරෙප්පු දෙක ගිං ගඟ අසළ සුරක්ෂිතව තබා අතුරුදහන් වූ දරුවා සොයා මෙහෙයුමක් දියත් කිරීමට පොලීසිය ප්‍රදේශවාසීන් සමග එක්ව කටයුතු අරඹා ඇත.

“අම්මේ මට සමාවෙන්න” යනුවෙන් දරුවා ලියූ ලිපියක්ද එම ස්ථානයේ තිබූ බවයි වාර්තා වෙන්නේ.

10 වන වසරේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි මෙම සිසුවා ගෙවී ගිය සඳුදා දිනයේ පාසල් නිම වී නිවසට නොපැමිණි බව දෙමව්පියන් පවසයි.

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දක්ෂ මෙන්ම ශිෂ්‍ය නායකයෙකුද වන මෙම සිසුවා ඉතා විනීත දරුවෙකු බව පාසලේ ගුරුවරු පවසති.

දරුවාගේ අතුරුදහන් වීම පිළිබඳව දෙමව්පියන් විසින් පොලිසියට දැන්වීමෙන් පසු අද දිනයේදී පොලීසිය මෙලෙස ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගිං ගඟ පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුම් ඇරඹීය. එහිදී අදාළ ලිපිය, පොත් බෑගය සහ සෙරප්පුදෙක සොයා ගත් බව සඳහන්.

අලුත් පවහන්  යුගලක් ලබා ගැනීම සඳහා අම්මා දුන් මුදලද ඒ සමග ඇති බවයි අප වාර්තාකරු පැවසූවේ.

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 14:08