May 19, 2024

යාපනයේ සිසුවිය ඝාතනය කළ සැකකරුවන් විශේෂ අධිකරණයකට - ජනපති කියයි

යාපනය, කයිට්ස්හිදී සමූහ දූෂණයට ලක්කර සිසුවියක් ඝාතන කිරීමේ සිද්ධියේ සැකකරුවන් විශේෂ අධිකරණයක් හමුවට පමුණුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (26) වෙම්බඩි බාලිකා විද්‍යාලයේදී යාපනයේ පාසල් 17ක ළමුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ය.

පසුගිය දිනයන්හි පුන්කුඩතිව් ප‍්‍රදේශයේ සිදුවු පාසල් සිසුවියගේ ඝාතනය දැඩි ලෙස හෙලා දකින බවත් සිසුවිය දූෂණය කර මරා දැමූ සැකකරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටුකරන බවද එහිදී ජනාධිපතිවරයා පැවසී ය.

ජනාධිපතිවරයා අද යාපනයේ හදිසි සංචාරයක නිරත විය.

වන්නි රොමේෂ් 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 23:55