May 19, 2024

මඩකලපුවේ දී රාජ්‍ය නිලධාරියෙකුව වෙඩි තබා ඝාතනය කරයි

මඩකලපුව මන්ඩුර් ප‍්‍රදේශයේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. අද පෙරවරු 11ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කරන විටද මිය ගොස් සිටි බව කලවංචිකුඩි  රොහලේ වෛද්‍ය අධිකාරිවරයා පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවදන්වැලි ප‍්‍රාදේශීය සභාවේ සේවය කළ සංස්කෘතික නිළධාරී මදිදේවන් නැමැති 44 හැවිරිදි පුද්ගලයෙකි.

වෙල්ලාවලි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. අම්පාර සහ මඩකලපුව මූලික කරගනිමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යටතේ බිහි වී තිබූ පිස්තෝල කල්ලිය ද එකල මෙවැනි ඝාතන සිදු කළ බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

අම්පාර - වසන්ත චන්ද්‍රපාල

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 13:34