May 19, 2024

සෞඛ්‍ය සේවකයින්ට රුපියල් 1000ක දීමනාවක් 

සෞඛ්‍ය ශ්‍රේණි 27කට අයත් සේවකයින්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (25) එකගත්වය පළ කර තිබේ. 

ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් සහ වෘත්තීය සමිති 22ක නියෝජිතයන් සමග අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.

මේ යටතේ දීමනාව හිමි වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව 40,000කට අධික වේ. ඒ වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 40ක අතිරේක මුදල් වැය කිරීමට ආණ්ඩුවට සිදු වන අතර වාර්ෂිකව ඒ වෙනුවෙන් වැය වන මුදල රුපියල් මිලියන 480කට අධික වන බව මුදල් අමාත්‍යාංශය පවසයි. 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ මෙම අතිරේක වැය බර අවම කර ගැනීම සඳහා නාස්තිය දූෂණය අවම කිරීම පිළිබඳ වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කළ බවත් ගෙවී ගිය වසර 12ක කාලය තුළ සිදු නොවූ දේ මේ ගතවන කාලය තුළ ඉටු කිරීමට හැකි බවත්ය.

ලබන මස සිට මෙම දීමනාව ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 13:34