May 19, 2024

අද රෑ සිට කොළඹට ජලය නෑ 

කොළඹ ප්‍රදේශ රැසකට අද(26) රාත්‍රී 9 සිට හෙට(27) උදෑසන 5 දක්වා පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 1, 2, 3, 7, 8, 9, 10, 11, 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මෙලෙස ජලය අත්හිටුවීමට කටයුතු කර ඇත්තේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාළිඟාකන්ද ජල ටැංකිය දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි.

 

Rate this item
(0 votes)