May 19, 2024

ෆයිසර් මුස්තාෆා ජනපතිගේ නීති උපදේශක තනතුරට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති කටයුතු පිලිබද උපදේශක  ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පත් කර තිබේ.

ඔහු වත්මන් රජයේ ගුවන් සේවා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ හිටපු  ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය.

මේවන විට මුස්තාෆා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ සංවිධායක ලෙස ද කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 19:59