May 19, 2024

ඥානසාර හිමිට ඇප

බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 5000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට ලක්වූ දිනයේ අයුතු ජන රාශියකට එක්වූ බව කියමින් ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා උසාවියෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත අද (26) එම හිමියන් අත්අඩංගුවට ගත් බවත් උන් වහන්සේ විදේශ ගතව සිට පැමිණි බවත් අද පොලිසිය අධිකරණයට කරුණ වාර්තා කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2015 11:18