May 19, 2024

අස්ගිරි අනුනායක පදවි නම් කරයි / මෙවර පදවි දෙකක්

ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක පදවි ද්විත්වය සඳහා ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති උපාධ්‍යාය වරකාගොඩ ඥාණරතන සහ පොළොන්රුව සොළොස්මස්ථාන රජමහ විහාරාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි යන නාහිමිවරු ‍ඊයේ (25) පත්වූහ.

අස්ගිරි මහ විහාරිය විංසත් වර්ගික කාරක සංඝ සභාවේ පූර්ණ එකඟත්වයෙන් මෙම පදවි දෙක සඳහා නාහිමිවරු දෙනම පත්කරගනු ලැබූහ.

පැරණි රජ දවසෙන් පසු අස්ගිරි පාර්ශ්වයේ එක් අනුනායක ධුරයක් පමණක් ක්‍රියාත්මකවූ අතර වත්මන් මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහනාහිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සභාවේ යෝජනා සම්මුතියෙන් තවත් අනුනායක පදවියක් ඇති කිරීමට තීරණය විය.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මකවූ අනුනායක පදවියට අමතරව තවත් අනුනායක පදවියක් ඇතිකළ අතර එම අනුනායක පදවි ද්විත්වය සඳහා පත්වූ මහනාහිමිවරු අස්ගිරි මහ විහාරිය කාරක සංඝ සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ හිමිවරු වෙති.

Rate this item
(0 votes)