May 19, 2024

රටේ කුල කාන්තාවන් දූෂණය කර සාද දැමීමට අවසර දුන් මහින්ද අද කාන්තාවන්ගෙන් සමාව ගත යුතුයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හෙවත් ඒකාධිපති රාජපක්ෂ රෙජීමය මෙරට කාන්තාවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) කොළඹ අරලියගහ මන්දිරයේදී  සමාජ වෙබ් අඩවි ක්‍රියාකරුවන් හමුවූ අවස්ථාවේදී පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා යාපනයේ පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය ගැන කණගාටුව පළ නොකර එයින් දේශපාලන වාසි ලබාගැනීමට කළා යැයි පැවසෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

කිනම් ජාතියකට හෝ ආගමකට අයිති වුවත් සියලු දෙනා මේ සිද්ධිය ගැන කණගාටුව පළ කරද්දී හිටපු ජනපති තමා නායකත්වයේ නොසිටි නිසා මෙබඳු තත්ත්වයක් ඇතිවී ඇතැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විස්තර කළ අගමැතිවරයා රටේ කුල කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට සිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට අවසර දුන් මහින්ද රාජපක්ෂ උතුරේ සිද්ධිය අල්ලාගෙන දේශපාලනය කරමින් ඔක්සිජන් ලබාගැනීමට උත්සාහ කරන්නේ යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 25 May 2015 20:37