May 19, 2024

බැසිල්ගේ නඩුවේ විනිසුරු මඩුල්ලෙන් වනසුන්දර ඉවත්වෙයි 

මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමා නිදහස් කරන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ විනිසුරු මඩුල්ලට සහභාගී නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය දන්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලබන 27 වැනි දා එම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාත් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ යන විනිසුරුවරුන් හමුවේ කැඳැවීමට නියමිතය.

Rate this item
(1 Vote)