May 19, 2024

මැතිවරණයට පෙර සන්ධාන අගමැතිවරයෙක් සහිත රජයක් - දිනේෂ් හෙළි කරයි

පාර්ලිමේන්තුව විසිරවීමට පෙර නියත වශයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැතිවරයකු පත් කර ගන්නා බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (25) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

බහුතරය විපක්ෂයට සිටින බැවින් නුදුරේ දී අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකට බාර දෙන බවත් පෙර යෝජනා මෙන් මෙය හමස්මල්ලට නොදමා විවාදයට ගන්නා බවට විශ්වාස කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වුවහොත් අගමැති ලෙස පත් කරන පුද්ගලයාගේ නම හෙළි කරන බව ද ඔහු සඳහන් කළේය.

 

Rate this item
(0 votes)