May 19, 2024

රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඊට අදාල ලිපිය මුදල් අමාත්‍යංශය වෙත ලැබී ඇති බවත් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කොළඹ අද (25) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී පැවසී ය. 

පෞද්ගලික හේතුවක් මත තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ජගත් පී විජේවීර මහතා ප්‍රකාශ කර ඇත.

 

Rate this item
(0 votes)