May 19, 2024

'මහින්ද ආපසු දිනන්නේ නෑ' - මැදමුලනේ කානුවක් ගැන රනිල් හෙළි කරයි (VIDEO) 

මැදමුලනේ කානුවේ වැටීමට වුවමනා නැති බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආපසු දිනන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ ඊයේ (24) කුලියාපිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක්වෙමිනි.

“මේ ආණ්ඩුව සුළුතරේ ආණ්ඩුව. බහුතරේ ආණ්ඩුවක් නෙවෙයි. සුළුතරේ ආණ්ඩුවක් මෙහෙම ගිහින් මේ වැඩකටයුතු කරා කියන්නේ පුදුමයක්. කොයි ලෝකෙ ද සුළුතර ආණ්ඩුවකින් මෙහෙම කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට ඒක කරන්න පුළුවන් වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා කියලා මං කියන්න ඕන.මෛත්‍රීපාල සිරිසේන අපිය අලුත් මාර්ගයක් පෙන්නුවා. මං බලාපොරොත්තු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්දේ දුන්න බොහෝ අයත් එතුමා එක්ක එකට ඉඳියි කියලා. ඒ පක්ෂේ සමහර අය දැන් එතුමාගේ කකුලෙන් අදින්න හදනවා. මොකක්ද ඒ අය දෙන විකල්පය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හොඳ විකල්පයක් දෙන්න පුළුවන්ද.“ යැයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“අපිට ආපසු කානුවේ වැටෙන්න ඕනේ නෑනේ. අපිට මැදමුලනේ කානුවේ වැටෙන්න වුවමනා නෑනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආපසු දිනන්නේ නෑ. වෙන්නෙත් නෑ. අපි පරණ දේශපාලනය සම්පූර්ණයෙන්ම අතහරින්න ඕන. මම කියන්නේ අළුත් දේශපාලනට එන්න.“  යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න 

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 May 2015 15:12