May 19, 2024

(Update - 01) මරදානේ ගින්නෙන් දෙදෙනෙකු මියයයි 

මරදාන එළිෆිනිස්ටන් රඟහල අසළ ගොඩනැඟිල්ලක හදිසියේ  ඇතිවූ ගින්නෙන් මේවන විට දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ එම ගින්නට හසුව පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

මේවන විටත් ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපවත්වමින් සිටින බවත් එම ගොඩනැගිල්ලේ ඇතුළත ගින්න සුළු වශයෙන් පවතින බවත් වාර්තා වේ.

එම ගින්නට මැදිවූ තිදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වුවද රෝහලට ඇතුළත් කරනවිටත් එයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(0 votes)