May 19, 2024

පසුගිය කාලයේ බලය අයුතු ලෙස පාවිචිචි කළා - ලක්ෂ්මන් යාපා කියයි

පසුගිය කාලයේ සමහර පුද්ගලයින් බලය අයුතු ලෙස භාවිත කළ බවත් එය හිටපු ජනපතිවරයාට බල පෑ බවත් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ ඊයේ (24) පස්වරුවේ මාතර, කඹුරුගමුව ප‍්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී ය.

"අද කණ්ඩායමක් ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතේ වැඩ කරගෙන යන අතර තවත් අය රැස්වීම් මාලාවක් තියාගෙන යනවා හිටපු ජනපතිට අගමැතිකම දෙන්න කියලා. ඒකේ වරදක් නැහැ. නමුත් පක්ෂය බෙදෙන් නැතුව දෙගොල්ලොම එකට එකතු වෙලයි ජන්දයකට යා යුත්තේ.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තව අවුරුදු 5 ක් මේ රටේ ජනාධිපතිවරයා. අපි කැමති වුණත් අකමැති වුණත් මිනිස්සු පිළිගන්න දේවල් තියෙනවා, ප‍්‍රතික්ෂේප කරන දේවල් තියෙනවා.“ යැයි නියෝජ්‍ය ඇමතිවරයා පැවසී ය. 

බලය අයුතු ලෙස පාවිචිචි කළොත් මහජනතාව ප‍්‍රතික්ෂේ‍්‍ප කරන බවත් පසුගිය කාලයේ ඒවැනි දේ සිදුවූ බවත් ඒ දේවල් එලෙස සිදුවූ නිසා ඒක හිටපු ජනාධිපතිතුමාගේ පිටින් ගිය බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)