May 19, 2024

දිඹුලාගල හිමියන්ගේ සුව දුක් විමසීමට ජනපති යයි 

දැනට රෝගාතුරුව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24) දහවල් එම රෝහල වෙත ගියේය.

උන්වහන්සේගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ප්‍රතිකාර කටයුතු පිළිබදවද සොයා බැලීය.

මීට පෙරද උන්වහන්සේ රෝගාතුර වූ අවස්ථා කිහිපයකම ජනාධිපතිවරයා පෞද්ගලිකවම උන්වහන්සේ පිළිබද සොයා බැලීමට කටයුතු කළ අතර උන්වහන්සේගේ අවශ්‍යතා නොඅඩුව සපුරාදීමට ද පියවර ගත්තේය. 

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය) 

Rate this item
(0 votes)