May 19, 2024

හොරණ එජාප සංවිධායක වෙනස් කරයි

හොරණ ආසනයේ නව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ලෙස අධිනීතීඥ හේමන්ත වික‍්‍රමආරච්චි මහතා පත් කර තිබේ.

ඒ අනුව එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත් කිරීම සිදු කොට තිබේ. 

අධිනීතීඥ හේමන්ත වික‍්‍රමආරච්චි මහතා හොරණ සහ බණ්ඩාරගම අධිකරණයන්හි සේවය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකි. ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරියකු වන අතර එංගලන්තයේ වේල්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළදාම් නීතිය පිළිබඳව පශ්චාත් උපාධිධාරියකුද වේ. ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කොට තිබේ. 

මීට පෙර හොරණ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ පී.ඩී. අබේරත්න මහතායි. 

 

Rate this item
(0 votes)