May 19, 2024

අලියා බස් එකට ගැහුවේ නෑ / බස් එක අලියගේ ඇඟේ හැප්පුවා - සිසුවියන් නිවෙස්වලදී කියයි

දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී ඊයේ (23) උදෑසන 5.45 ට පමණ බස් රථයකට වන අලියකු ප්‍රහාරයක් එල්ල කළ සිද්ධිය මේ වන විට මතභේදාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

ඒ අදාළ සිදුවීම පිළිබඳව එම චාරිකාවට එක්ව සිටි පාසල් සිසුවියන් නිවෙස්වලට පවසා ඇති වෙනස්ම කතාවක් හේතුවෙනි.

මේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා කළේ “හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන් පිරිසක් විද්‍යාලයේම බස් රථයෙන් අධ්‍යාපන චාරිකාවක් සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන අතරමගදී බස් රථයට වන අලි ප්‍රහාරය එල්ලවී ඇත.” යනුවෙනි.

නමුත් සිද්ධිය පිළිබඳව ඇතැම් සිසුවියන් තම නිවෙස්වලට සිද්ධිය පවසා ඇත්තේ රියදුරාට නින්ද යෑම හේතුවෙන් මාර්ගයේ සිටි අලියාගේ ඇඟේ බස් රථය ගැටී ඇති ලෙසය. මෙහිදී සිද්ධිය පිළිබඳව දැකපු ඇතැම් සිසුවියන් බස් රථය වන අලි සිටි ස්ථානය කරා ඇදී යද්දී කෑ ගසා ඒ පිළිබඳව දැනුම් දුන්නද රියදුරා විසින් ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බවත් සඳහන්.

පසුව වන අලියාගේ ඇඟේහි බස් රථය ගැටීමෙන් පසු අලියා කැලයට දිව ගොස් ඇති බවත් එම සිසුවියන් පවසා ඇත.

මෙම අනතුරින් එම බස් රථයේ සිටි ගුරුවරියන් දෙදෙනෙකු හා සිසුවියක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් සිසුවියන් කීප දෙනෙකුම සුළු තුවාල සිදුවී හා කම්පන තත්වයකට පත්ව රෝහල් ගත කර තිබුණි.

මෙම මාර්ගය දෙපස කුණු කසල ගෙනවිත් දැමීම නිසා ඒවා ආහාරයට ගැනීමට වන අලින් මාර්ගයට නිතර පැමිණෙන බවත් එමෙන්ම දඹුල්ල නගරයේ ඉවත දමන කුණු කසල දිගම්පතහා රක්ෂිතයට ගෙනවිත් දමන අතර ඒවා ආහාරයට ගැනීමට එන අලිද මාර්ගය හරහා ගමන් කරන බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 May 2015 20:34